“සුහුරු බෝග ආරක්ෂණ ව්‍යාපෘතිය” සාර්ථක ල‌ෙ‌ස හඳුන්වා දෙනු ලබයි

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වන හපුතලේ කහත්තේවෙල ගම්මානයේ වගා ආරක්ෂණය සඳහා හඳුන්වා දෙනු ලැබූ “සුහුරු බෝග ආරක්ෂණ පද්ධතිය” ඉතා සාර්ථකව බවට ගොවීහු ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
එවැනි විදුලි පද්ධති 25ක් ගොවීන් වෙත රජයේ වියදමින් නොමිලේ බෙදා දෙනු ලැබ ඇති අතර මෙම එක් විදුලි පද්ධතියක වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වේ.
අප රටේ ගොවිජනතාව විසින් වගා කරන බෝගවලින් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක් සතුන්ගෙන් වන හානි නිසා විනාශයට පත් වේ. විශේෂයෙන්ම අලියා, රිලවා, වඳුරා, වල් ඌරා, ඉත්තෑවා සහ මොණරා මෙන්ම දඬු ලේනා ද බහුලව වගා හානි සිදු කරන සතුන් වෙති. මෙම සතුන්ගෙන් වන වගා හානි වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගොවීහු කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිරතුරුව ඉල්ලීම් ඉදිරිපත් කරති. එහෙත් සතුන් මරා දැමීමට පියවර නොගන්නා හෙයින් වගා හානිවලට සිදුවන සත්ත්ව හානි වළක්වාලීමට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
වෛද්‍යවරයෙක් වන සරත් විමලසූරිය මහතා සහ විදුලි ඉංජිනේරුවරයෙක් වන අචල උත්සුක යන මහත්වරු විසින් කුඩා සතුන්ගෙන් වන වගා හානි වැලැක්වීම සඳහා “සුහුරු බෝග ආරක්ෂණ පද්ධතිය” නැමැති විද්‍යුත් පද්ධතියක් හඳුන්වාදෙනු ලැබීය.

Read more

Local News