ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ – පෝද්දල නිල සෙවණ කාර්යාල 05ක් ජනතා අයිතියට

Share

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ – පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිලසෙවන කාර්යාල 05ක් ඊයේ දින (06) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව,පන්නමග, මුලන, මගදෙනිය, කුරුන් කන්ද සහ බොකරමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් වල නිල සෙවන කාර්යාල මෙසේ ජනතා අයිතියට පත් කිරීම සිදු විය.

එමෙන්ම පසුගිය වසරේ ගං වතුර සහ තද සුලං හේතුවෙන් හානියට පත් බෝපෙ – පෝද්දල සහ අක්මිමණ යන ප්‍රදේශයන්හි පීඩාවට පත් පවුල් 38ක් සඳහා මිලියන 2.1 ක ආපදා හානි මුල්‍යාධාර ප්‍රදානය කිරිම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ නිලසෙවන කාර්යාල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ඉදිවෙමින් පවතින බවත්, ඉදිරි වසර කිහිපය තුළ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 896 ම ආවරණය වන පරිදි නිල සෙවන කාර්යාල ඉදි කිරිමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.

Read more

Local News