අලුත්ගම යටදොළ මාර්ගයේ මැණික්ගොඩ ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තිදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් මෙලෙස පහර දී ඇති බවයි.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයින් තිදෙනා වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කුරුළුබැද්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.