චීන රජයේ සහයෙන් ඉදිවන යාං ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතී

Share

චීන රජයේ සහයෙන් ඉදිවන යාං ඔය ජලාශයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසී ය.

මේ වන විට ප්‍රධාන ඇල මාර්ග සකස් කිරීම සිදුවේ. නැවත පදිංචි කිරීම සදහා වන කාර්යයන් ද කාර්යක්ෂමව සිදුවෙමින් තිබේ.

ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 150 කි. ශ්‍රී ලංකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාලීම සදහා අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් කෙන්ද්‍ර කරගෙන මෙම ජලාශය ඉදිවේ.

වාර්මාර්ග අමාත්‍යංශය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙහි සේවා යෝජකත්වය දරයි. චයිනා සී.ඒ.එම් .සී. ඉංජිනේරු සමාගම මගින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.

Read more

Local News