ක‌ොංග‌ෝ ජනරජයේ ඉබ‌ෝලා ව‌ෛරසය පැතිරියාම හ‌ේතුව‌ෙන් පුද්ගලයින් 33ක් ජිවිතක්ෂයට

Share

ක‌ොංග‌ෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉබ‌ෝ ලා ව‌ෛරසය පැතිරියාම හ‌ේතුව‌ෙන් අද වන විට පුද්ගලයින් 33ක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ල‌ෝක ස‌ෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්න‌ේ තවත් පුද්ගලයින් 43 ද‌ෙන‌ෙකුට පමණ ඉබ‌ෝලා ව‌ෛරසය වැලඳී ඇති බවයි.

එම පුද්ගලයින් 43 ද‌ෙනාග‌‌ෙ‌න් 13 ද‌ෙන‌ෙකුට නියත වශය‌ෙන්ම ඉබ‌ෝලා ව‌ෛරසය වැලඳී ඇති බව ල‌ෝක ස‌ෞඛ්‍ය සංවිධානය පවසයි.

ම‌ෙහිදි ල‌ෝක ස‌ෞඛ්‍ය සංවිධානය විසින් ඉබ‌ෝලා ව‌ෛරසය වැලදී සිටින නැග‌ෙනහිර පුද්ගලයින්ට ඉබ‌ෝලා එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි එම සංවිධානය සඳහන් කර ඇත්ත‌ේ.

ක‌ොංග‌ෝ ජනරජයේ ස‌ෞඛ්‍ය කලාප 05ක පමණ ඉබ‌ෝලා ව‌ෛරසය සීඝය‌ෙන් පැතිර යන බවද ල‌ෝක ස‌ෞඛ්‍ය සංවිධානය තවදුරටත් වාර්තා කළ‌ේය.

Read more

Local News