ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය දඹාන කොටබකිනිය ගම්මානයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් සැමරේ

Share

ලෝක ආදිවාසි දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය දඹාන කොටබකිනිය, මොරබැද්ද ගම්මානයේදී ඊයේ (09) රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්විය.

හිටපු ආදිවාසී නායක ඌරුවරිගයේ තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වා අනතුරුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ස්ථාපිත කරන ලද තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරිම සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ස්ථාපිත කරන ලද වෙද පියසට ඖෂධ ඇඹරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කළ අතර ඉන්අනතුරුව කොටබකිණිය, මොරබැද්ද වන රොද මැද පැවති උත්සවය ජාතික ගීය හා ආදිවාසී ගීත ගායනා කිරිමෙන් අනතුරුව ආරම්භ කෙරිනි.

ආදිවාසීන්ට උරුම වූ විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් උත්සව සභාව කුල්මත් කළ අතර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ආදිවාසි ගම්මාන උදෙසා වියළි සලාක බෙදාදිම සහ පුස්තකාල ප්‍රවර්ධනය වෙනුවෙන් නොමිලේ පොත්පත් පිරිනැමිමද සිදු කෙරිනි.

ආදිවාසි සැමරුම් උත්සවය සදහා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් සමඟ නිල්ගල, රතුගල, පොල්ලෙබැද්ද, දඹාන, හේනානිගල, වාකරේ, ආදිවාසි ගම්මානවල  ආදිවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

Read more

Local News