ගාල්ල “සියපතගම” උදාගම්මානය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

Share

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 104 වන උදා ගම්මානය වන ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන පිලාන කැරැන්කැටිය “සියපතගම” අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
මෙහි මුළු නිවාස ගණන 25කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
“සියපතගම” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 4කි. සෑම නිවසකටම පර්චස් 10 බැගින් වූ බිම් කොටස් ලබාදී තිබේ.
ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින් ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

Read more

Local News