සබරගමුවේ කටුපොල් වගාව තහනම් කිරිමට කටයුතු ක‌ෙ‌‌රේ

Share

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ කටුපොල් වගාව මුළුමනින්ම තහනම් කිරීමට කටයුතු කරන බව සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.
එම මහත්මිය මේ බව සඳහන් කළේ පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ රක්නාවල ඇල්ල අවට ප්‍රදේශයේ කටුපොල් වගාව හේතුවෙන් ස්වභාවික පරිසරයට සිදුවන හානිය පිළිබඳව සොයාබැලීමේ නිරීක්ෂණයට එක්වෙමිනි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කටුපොල් වගාව මුළුමනින්ම නතර කරන බවත් දකුණු පළාතේ, ගාල්ල මාතර දිස්ත්‍රික්කවල කටුපොල් වගාව නිසා දැඩි පරිසර හානියක් මේ වන විටත් සිදුව ඇති බවත් පෙන්වාදුන් ආණ්ඩුකාරවරිය කටුපොල් වගාව ශ්‍රී ලංකාවට සුදුසු නොවන බෝගයක් බව පෙන්වා දුන්නාය.

Read more

Local News