එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන පිළිරුව ජනපති අතින් නිරාවරණය කෙරේ

Share

දශක ගණනාවක් ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ රැදි සිටිමින්, සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පුළුල් සමාජ මෙහෙවරක් ඉටුකළ ජනතා නායකයෙක් වූ එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා අනුස්මරණය කරමින් කන්තලේ නගර ශාලා භූමියේ ඉදිකෙරුණු ඒ මහතාගේ පිළිරුව ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්විවෘත කෙරිණි.

එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවණය කළ ජනාධිපතිතුමා ඒ වෙත මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

එමෙන්ම එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන නගර ශාලා ගොඩනැගිල්ල ද අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා ඉදිකළ ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති 09 ක්  දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පවරාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

දිස්ත්‍රික්කයේ උපාධිධාරින් 160 දෙනෙකු වෙත ගුරු පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ උපාධිධාරින් පස් දෙනෙකුට සංකේතාත්මකව ගුරු පත්වීම් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගොවින් පස් දෙනෙකු සඳහා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය  සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

Read more

Local News