අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Share

ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පස්වැනි හා අවසන් එක්දින තරඟය ඊයේ (12) පැවැත්විණි.

ඒ අනුව සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් ඒක්දින තරඟයෙන් ලකුණු 178ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඊය‌ේ (12) දින ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 08කට ලකුණු 299ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 300ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිවිශය දකුණු අප්‍රිකාවට පන්දුවාර 24.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 121ක් පමණි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97ක් රැස්කිරීමට සමත්වූයේ පන්දු 97කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් හා හයේ පහරක් ඇතුළත් විය.

දික්වැල්ල (43), ධනංජය (30), කුසල් මෙන්ඩිස් (38) පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්වූහ.

ලකුණු 300ක ජයග්‍රාහී ඉලක්කයක් හඹ යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ක්යින්ටන් ඩි කොක් ලකුණු 54ක් රැස්කිරීමට සමත්වූ අතර ඒ.කේ. මර්ක්‍රම් ලකුණු 20ක් රැස්කිරීමට සමත්විය. සෙසු කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය පන්දුවාර 9කදී ලකුණ 39ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව තරගයේ වීරයා සම්මානයද අකිලට හිමිවිය.

කෙසේ වෙතත් තරඟ පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

Read more

Local News