මධ්‍යම කඳුකරයට හමාගිය දැඩි සුළඟකින් අධි බලැති විදුලි රැහැන් පද්ධති ගණනාවකට දැඩි අලාභ හානි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රද‌ේශ හරහා අද (13) අලුයම හමාගිය දැඩි සුළඟකින් අධි බලැති විදුලි රැහැන් පද්ධති ගණනාවකට දැඩි අලාභ හානි සිදු වී තිබේ.

පවතින දැඩි සුළං තත්වය හ‌ේතුව‌ෙන් විශාල ගස්වල අතු විදුලි රැහැන් පද්ධතියට කඩා වැටීම හ‌ේතුව‌ෙන් විදුලි කණු ද විනාශ වී ඇති අතර ඒ හ‌ේතුව‌ෙන් ප්‍රද‌ේශ රැසක විදුලිය ඇණහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළ‌ේ.

Read more

Local News