“වැව් දහසක් – ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 300 වන අදියර සම්පූර්ණ කරයි

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “අපි වවලයි – අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන “වැව් දහසක්- ගම්දහසක්” ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 300 වන අදියර ඊයේ (12) සම්පූර්ණ කළේය.

“වැව් දහසක් ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය වැව් පද්ධතිය හා ඒ ආශ්‍රිතව තිබෙන ගම්මානවල කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලබයි. මෙම වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවල සහයෝගය ලබා ගන්නා අතර එම ආයතන විසින් එක් එක් ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරනු ලබයි.

“වැව් දහසක් – ගම්දහසක්” වැඩසටහන මේ වනවිට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වසර අවසන් වනවිට වැව් 350ක් ප්‍රතිසංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 3500කි.

මෙම වැඩපිළිවෙළේ 300වන ව්‍යාපෘතිය වශයෙන් අගුනකොළපැළැස්ස කයිලවැල්පෝටෑව (වික්‍රමපුර) වැව හා ගම්මානය ප්‍රතිසංවර්ධනය කිරීම ඊයේ (12) ආරම්භ විය.

ඒ සඳහා රජය වැය කරන මුදල රු. මි. 10කි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ එම ප්‍රදේශයේ ජනතාව සඳහා සෞඛ්‍ය සායන, කොස්පැළ බෙදා දීම, කාබනික පොහොර බෙදා දීම, මීමැසි පෙට්ටි බෙදා දීම ආදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.

Read more

Local News