නායයාමේ අවධානමක් ‌හේතුව‌ෙන් නානුඔය ඩ‌ෙස්ප‌ොඩ් වතුයාය‌ේ පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන ව‌ෙත

Share

මධ්‍යම කඳුකරය‌ේ බටහිර බෑවුම් ප්‍රද‌ේශවලට තවදුරටත් ඇදහැල‌ෙන අධික වර්ෂාවත් සමඟ නායයාමේ අවධානමක් ‌හේතුව‌ෙන් නානුඔය ඩ‌ෙස්ප‌ොඩ් වතුයාය‌ේ පහල ක‌ොටස‌ේ වතු කම්කරු පවුල් 12කට අයත් සාමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා ය‌ොමුු කල බව නුවරඑළිය ප්‍රා‌දේශීය ‌ලේකම් කාර්යාලය පවසයි.

එම වතුයාය‌ේ නිවාස ප‌ේලියක ආරක්ෂිත පැති බැම්මක් පැවැති අධික වර්ෂාවත් සමඟ ඊය‌ේ (13) කඩා වැටි ඇත‍.

එම වතු කම්කරුවන් පදිංචි වතු නිවාස ප‌ේලිය නායයාමේ අවධානමක් හ‌ේතුව‌ෙන් එම නිවාසවල පදිංචි පවුල් 12ක අදාළ සාමාජිකයන් 28 ද‌ෙන‌ෙකු ඊය‌ේ පස්වරුවේ එම වතු යාය‌ේ දමිල විද්‍යාලයක තාවකාලිකව නතර කල බවයි සඳහන් වන්‌නේ.

Read more

Local News