උතුරේ සෞඛ්‍ය ව්‍යාපෘති රැසක් අගෝස්තු 16 දා සෞඛ්‍ය ඇමති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

Share

උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සහ මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 16 දින දවස පුරා යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

යාපනය මහ රෝහල් භූමියේ ඉදිකිරිමට යෝජිත පුනරුත්ථාපන රෝහල් සංකීර්ණය සදහා මුල්ගල් තැබෙන අතර එය රුපියල් මිලියන 530 ක කොරියානු ආධාර යටතේ ඉදි කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ යාපනය මහ රෝහල් භූමියේ ඉදිකරන ලද හෙද නිල නිවාස සංකීර්ණය ද මෙදින විවෘත කිරිමට නියමිතය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනය නව ඔසුසල යාපනය රෝහල් භූමියේ විවෘත කිරිමට කටයුතු යොදා ඇත. මෙතෙක් මෙම ඔසුසල යාපනය නගරයේ වෙනත් ස්ථානයක කුලී පදනම මත පවත්වාගෙන යනු ලැබිනි. යාපනය චාවකච්චේරිය මුලික රෝහලේ ඉදිකරන ලද රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී විවෘත කිරිමට කටයුතු යොදා ඇත.

Read more

Local News