ගම්පෙරලිය වැඩසටහනින් මාතරට මිලියන 1400ක මුදල් ප්‍රතිපාදන වෙන්ක‌ෙ‌රේ

Share

ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින් එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 බැගින් මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 07 සඳහා රුපියල් මිලියන 1400 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයෙහි පිහිටි ග්‍රාම නිලධාරී වසම් 650 කේන්ද්‍රකර ගනිමින් ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින් සෑම ගමකම හරිත උද්‍යානය බැගින් පිහිටු වීමට නියමිත අතර ගම්වල ඇති කුඩා වැව් ද ප්‍රතිසංස්කරණය කෙරේ.
ග්‍රාමීය ජනතාවගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අවශ්‍ය ව්‍යායාම හා ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීම, පුස්තකාල පහසුකම් ලබා දීම, පොදු කටයුතු සඳහා මධ්‍යස්ථාන ඇති කිරීම හා සන්නිවේදන කටයුතු සඳහා වයිෆයි පහසුකම් ලබා දීම ආදී කටයුතු රාශියක් මේ යටතේ සිදු කිරීමට නියමිතය.

Read more

Local News