මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය වාන් දොරටු තුනක් අගල බැගින් විවෘත කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.
අද (15) උදෑසන 10.45ට පමණ එම ජලාශයේ වාන් දොරටු තුන විවෘත කර ඇත.
අධික වර්ෂාවත් සමඟ කැනියොන් සහ ලක්ෂපාන ජලාශවලද වාන් දොරටු විවෘත කර ඇත.