දුෂ්කර පාසල්වල සිසුන්ට පාවහන් මිලදී ගැනීම සඳහා නොමිලේ පාවහන් තිළිණපත්

Share

දුෂ්කර පාසල්වල සිසුන්ට පාවහන් මිලදී ගැනීම සඳහා නොමිලේ පාවහන් තිළිණපත් ලබා දීම මේ වසරේ ද ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පසුගිය වසරේ මෙවැනි පාසල්වල සිසුන් 648,151 දෙනෙකුට පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබාදී තිබුණි.

2018 වසරේ ද එම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News