මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය රළු වි‌මේ හැකියාවක්

Share

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ද‌ෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළඟේ වේගය පැ.කි.මී. 35-45ක් පමණ බව හම නිවේදනයේ දැක්වෙයි.

සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව එම ද‌ෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා ද‌ෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Read more

Local News