ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ මොණරාගල දිස්ත‍්‍රික් වැඩසටහන අද

Share

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව රත්නපුර, මොණරාගල, මාතර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත‍්‍රික්ක වල ඔප්පු බෙදා දීමේ දිස්ත‍්‍රික් උත්සව ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මෙහි රත්නපුර දිස්ත‍්‍රික් වැඩසටහන ඊයේ (16) රත්නපුර සීවලි ක‍්‍රිඩාංගනයේ දී ප.ව.02.00 ට පැවැත්විණි.

මොණරාගල දිස්ත‍්‍රික් වැඩසටහන අද (17) දින සියඹලාණ්ඩුව කොටියාගලදී ත්, මාතර දිස්ත‍්‍රික් වැඩසටහන අගෝස්තු 18 වන දින පස්ගොඩ දී ත්, කෑගල්ල දිස්ත‍්‍රික් වැඩසටහන අගෝස්තු 19 වන දින කෑගල්ල නිදහස් මාවතේදීත්, ගාල්ල දිස්ත‍්‍රික් වැඩසටහන අගෝස්තු 21 දින බද්දේගම මහජන ක‍්‍රිඩාංගනයේ දීත් පැවැත්වීමට නියමිතය.

Read more

Local News