දුම්රිය විදුලි සංඥා නොතකන රියදුරන්ට රුපියල් 25,000 ක දඬයක් – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Share

දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියදුරන්ට රුපියල් 25,000 ක මුදල් දඬයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊය‌ේ (19) දින හික්කඩුවේ දී පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් ප්‍රකාශ කළ‌ේ, දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පද්ධති 10 ක් දුම්රිය සේවාව සඳහා විවෘත කිරීමෙන් අනතුරුවය.

මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ග විදුලි සංඥා පද්ධති 200 ක් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු වටිනාකම ඇ.ඩො.මිලියන 6.4 ක් වන අතර, තනි දුම්රිය මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 175 ක් සහ ද්විත්ව මාර්ග සඳහා විදුලි සීනු පද්ධති 25 ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත.

මෙම විදුලි සංඥා පද්ධති 200 ව්‍යාපෘතියට අමතරව හංගේරියානු රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත තවත් විදුලි සංඥා පද්ධති 200 ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News