එළවළු මිල ගණන් පහළට

Share

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කෙරෙන එළවළු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ලැබීමෙන් එළවළු මිල ගණන් පහළ බැස ඇති බවට වාර්තා ව‌ෙයි.

යාපනය, මාතලේ, අනුරාධපුර ,පොලොන්නරුව, කුරුණෑගල, ආදී දිස්ත්‍රික්ක වලින් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අළුයම් කාලයේ වැඩි වශයෙන් එළවළු තොග ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.

ඒ අනුව පසුගිය සති කීපයේ එළවළු කිලෝවක් රුපියල් 100 ක ටත් එහා මිලකට අලෙවි වු පතෝල, නෝකෝල්, රාබු, වට්ටක්කා, දඹල, මෑ කරල් ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 20 සිට 40 දක්වා වූ මිලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අලෙවි වන බව ව්‍යාපාරිකයෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (24) දින උදෑසන විශාල වශයෙන් තක්කාලි තොග වෙළඳපොළට ලැබීමත් සමඟ රුපියල් 85ක් 100 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝවක් රුපියල් 30 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් පවසන්න‌ේ, ඉදිරි දින කිහිපය ගත වෙද්දී එළවළු මිල මෙයට වඩා විශාල වශයෙන් තවත් පහල මට්ටමකට පැවතිය හැකි බවය.

යාපනය අර්ධද්විපයෙන් මේ දිනවල රතු ළූනූ තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බවත් පසුගිය සතියේ රතුළූනු කිලෝවක තොග මිල රුපියල් එකසිය අසූවක් ව පැවතිය ද මේ වන විට රතුළූනු කිලෝවක මිල රුපියල් 80 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයක් බව වෙළෙන්දෝ පවසති.

Read more

Local News