”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න මොරණරාගල දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

Share

සංවර්ධනයට නව මුහුණුවරක් ගෙනදෙන, ව්‍යවසායකත්වය ඉලක්ක කරගත් එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන මාලාවේ පළමුවැන්න, අගෝස්තු මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා මොරණරාගල දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
මේ වනවිට ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515කින් යුක්ත වේ. දැවැන්ත අධ්‍යපන කලාපයක්, ජනප්‍රිය ගායක ගායිකාවන් ගී ගයන සංගීත සංදර්ශන මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීම සඳහා විනෝද කලාපයකින්ද ප්‍රදර්ශන භූමිය සමන්විත වෙයි.
”ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු ගමනාගමන පහසුකම් සූදානම් කර ඇත.
ප්‍රදර්ශනය උදෑසන 10.00ට ආරම්භ වන අතර රාත්‍රී 12.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙයි.

Read more

Local News