අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියඟය‌ෙන් සිදී ඇති වගා ලිං ප්‍රතිසංස්කරණයට රජය‌ෙන් මිලියන 200 ක්

Share

පවතින දැඩි නියඟය හේතුවෙන් විනාශ වන වගාවන් බේරා ගැනීමට හා ජනතාවග‌ේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වගා ලිං හා පානීය ජලය සපයා ගන්නා ලිං ප්‍රතිසංස්කරණය හා අලුතින් ඉදි කිරීමට රුපියල් මිලියන 200 ක් රජය වෙන් කර ඇතැයි වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

නියඟය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වැව් හා වගා ළිං යථා තත්වයට පත් කිරීම පිළිබඳව අමාත්‍යය මණ්ඩල අනුමැතිය ලැබුණා. පවතින නියං තත්වය හේතුවෙන් සිදු වන වගා හානී වලක්වා ගැනීම සඳහා වගා ලිං ආණ්ඩුව මගින් කපා දීම සිදු කළ යුතුයි කියලා අමාත්‍යය මණ්ඩලයට යෝජනා කළා ඒ අනුව කැබිනට් මණ්ඩලය මිලියන 200 ක් ඒ සඳහා වෙන් කරන්න අනුමත කළා. ඉන් රුපියල් මිලියන 50 ක් මේ වන  විටත් ලබා දී තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතාම කඩිනමින් වගාවන් බේරා ගන්න අවශ්‍යය කරන වගා ලිං ටික ඉදි කරන්න. ඒ වගේම පානීය ජල ප්‍රශ්නයත් අපිට තියෙනවා, අපි කොච්චර ජලය බෙදුවත් ඇතැම් ප්‍රදේශ වල ජනතාවට ස්නාන කටයුතු වලට පවා ජලය නොමැති වී තිබෙනවා. ඒ නිසා මේ හරහා පානීය ජල අවශ්‍යයතා සපයා ගැනීමටත් මේ හරහා යම් මුදලක් ලබා දෙනවා. නියඟයට ඔරොත්තු දෙන ලෙස පොදු පානීය ලිං ඉදි කිරීම හා ප්‍රථිසංස්කරණය කර ගැනීමට මේ මුදල් අපි වෙන් කරලා තියෙනවා යැයි පැවසීය.

Read more

Local News