ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ 67 වන ජන්ම දිනය අදයි

Share

1951 වසරේ සැප්තැම්බර් මස 2 වන දින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආරම්භ වී හෝරා කිිහිපයක් ගත වූ තැන සැප්තැම්බර් 3 වැනිදා මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා උපත ලබනවා.
ඒ පල්ලේවත්ත ගමරාලලාගේ ඇල්බට් සිරිසේන මහතාගේ සහ යාපා අප්පුහාමිලාගේ දෝණ නන්දාවති මහත්මියගේ කුලූදුල් පුතුනුවන් ලෙසයි. මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමන්ට සහෝදර සහෝදියන් 12 දෙනෙකු සිටිනවා.
එතුමාගේ පියා දෙවන ලෝක යුධ සමයේ සකී‍්‍රය හමුදා සේවයේ යෙදුනු නිලධාරීයෙක්. සාමාන්‍ය ගොවි පවුලක ඉපදුන මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුව තෝපා වැව මහවිද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබුවා.
තමන්ගේ අවිවේකී දේශපාලන ජිවිතයේදී ජිවිත ගමන සාර්ථක කරගන්නට සිය ජිවිතයට එක්වන්නේ ජයන්ති පුෂ්පා කුමාරි මැතිනියයි.
මෛති‍්‍රපාල මැතිතුමාට සහ ජයන්ති මැතිනියට චතුරිකා දරණි සහ දහම් යන දියණියන් දෙදෙනෙකු සහ පුතනුවන් එක්වන්නේ පවුල් ජිවිතයේ සාර්ථකත්වය මැනවින් විදහා දක්වන එක් සාදකයක් ලෙසයි.
වාමාංෂික දේශපාලනයෙන් තම දේශපාලන පන්නරය ලැබු හෙතෙම 1967 වසරේ අගෝස්තු මාසයේදී පොළොන්නරුව ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම්වරයා ලෙස දේශපානයට අවතීරණවීමේ අත්පොත් තැබුවා.
හිටපු අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව පොළොන්නරුවේදී විරෝධතා රැුලියක් පැවැත්වීම හේතු කොට ගෙන මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාට සිරබත් කෑමට සිදුවනවා.
රටපුරා බිෂන වට පිටාව මධ්‍යයේ 1989 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප‍්‍රථම වතාවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවට තේරීපත් වනවා.
1997 දී මහවැලි සංවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද කැබිනට් අමාත්‍ය ධූරය හොබවන සිරිසේන මැතිතුමා 2000 වසරේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් වනවා.
2001 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරය ද ඔහුට හිමිවනවා.
2004 දී පැවැති මහමැතිවරණයේදී විශාල ජයග‍්‍රහනයක් සන්ධානයට හිමි වෙද්දී පරිවාස ආණ්ඩුවේ අගමැති ධුරය ස`දහා ජනතා විමුක්ති පෙරමුණ විසින් මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නමද නිර්දේශ කිරීමේදී එතුමා තරයේ කියා සිටියේ අග‍්‍රාමාත්‍ය ධුරය මගින් මහින්ද රාජපක්ෂ මහතාද ලබාදිය යුතු බවයි.
ඔහු එතරම් අවංක නිහතමානි පුද්ගලයෙක්ද වනවා.
2005 ජනාධිපති වරණයෙන් පසුව පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ වගකීවයුතු අමාත්‍ය ධුර 2 ක් වූ කෘෂි කර්ම වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයන පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් අමාත්‍ය ධුරයන් හොබවනු ලැබුවා.
යලි 2007 වර්ෂයේදි කැබිනට් මණ්ඩල සන්ශෝදනයේදී මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා වඩාත් පි‍්‍රයකරන කෘෂිකර්ම හා ගොවිජව සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය ඔහුට හිමිවනවා.
2010 කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වැදගත් අමාත්‍යාංශයක් වන සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් හෙතෙම මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස 2010 වසරේ සිට 2014 වසර කාලය දක්වා ඉටුකල සේවාව වචනයෙන් කියා නිම කළ නොහැකිියි.
2009 මැයි මස යුද්ධයෙන් අවසන් දින කිහිපයේද ඇතුළුව අවස්ථා කිහිපයකදීම වැඩ බලන ආරක්ෂ අමාත්‍ය ධුරයේ කටයුතු කළ මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය වගකීම් නිර්භයව ඉටු කළ නායකයෙක්.
එනිසාම ජනවාරි 08 වනදා පැවති ජනාධිපති මැතිවරණයෙ ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් ජයග‍්‍රහනය අත්පත් කරගත් එතුමා රටේ නායකයා බවට පත්වනවා.

Read more

Local News