දකුණු ආසියා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟය අද

Share

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟය අද (05) බංග්ලාදේශයේ බංගබන්ධු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසයේදී ඉන්දියාව ඉදිරියෙන් සිට තරඟ 8ක ජය තහවුරු කරගෙන ඇත. ශ්‍රී ලංකාව තරඟ 3ක ජය වාර්තා කර ඇති අතර තරඟ 4ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ශ්‍රී ලංකාව අවසන් වරට 2016දී මැලේසියාවේ පැවැති සහයෝගීතා කුසලාන පාපන්දු තරගාවලියේදී මැකෝවා පිල සමඟ තරඟය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කළ අතර ඉන් අනතුරුව ජගත් තරගාවලියකට සහභාගී වන්නේ මෙම දකුණු ආසියා පාපන්දු තරගාවලියේදීය.

Read more

Local News