පොදු විපක්ෂය නැවතවරක් ජනතාව කලබල කර, ආණ්ඩුව පෙරලන අසාර්ථක උත්සාහයක – අමාත්‍ය නලින් බණ්ඩාර

Share

පොදු විපක්ෂය නැවතවරක් ජනතාව කලබල කර, ආණ්ඩුව පෙරලන අසාර්ථක උත්සාහයක අද යෙදී සිටින බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

අද (5) පාර්ලිමේන්තුවේ දී තැපැල් කාර්යාල ආඥාපනත යටතේ ව්‍යවස්ථාව පිළිබඳ විවාදයේ අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

අද ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹට පාගමනක් ලැස්ති කරලා. මේ ආණ්ඩුවට වසර දෙකක් තිබෙනවා. ඒ අවස්ථාවේ දී නැවත වරක් ආණ්ඩුව පෙරලන්න, මහජනතාව කලබල කරලා, අසාර්ථක උත්සහයක යෙදී සිටිනවා. උද්ඝෝෂණය කිරීමේ අයිතිය සුරක්ෂිත කරනවා. උද්ඝෝෂණය මර්ධනය කරන්නේ නෑ. මහජන ආරක්ෂාව, පොදු දේපළ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරනවා. පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා. උද්ඝෝෂණවලට බාධා කරන්න එපා කියලා. පොදු දේපලවලට හානි කරන්න, රාජ්‍ය දේපලවලට ඇතුළු වෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා. විසිල් හැටියට බල්ටි නෑ. බස්වල සෙනඟ නෑ. ජනතාව බත් පැකට් කද්දි, මෙහෙයවන අය සුඛෝපභෝගී හෝටල් කාමරවල සිටිනවා කියලා ආරංචි වෙනවා. ජනතාවට පාරේ නිදගන්න සළස්වලා, මේ අය සැපට සුපිරි හෝටල්වල සුඛවිහරණය ලබනවා. ජනතාව පළිහක් කරගෙන තිබෙනවා. මීනී මතින් තම බලය ලබාගැනීමේ හදිසියක් මේ තියෙන්නේ. අපි රටට අවශ්‍ය දේ කරනවා. අපි ජනතාවට හීන පෙන්වන්නේ නෑ ”යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Read more

Local News