‘ගෝල්ඩ්’ කෝටි 100ක් උපයයි

Share

අගෝස්තු 15 වැනිදා ප්‍රදර්ශනය වූ ආක්ෂේ කුමාර් රන ‘ගෝල්ඩ්’ චිත්‍රපටය පසුගිය සති අන්තය වන විට ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් ඉන්දියාවෙන් පමණක් උපයා ගන්නට සමත්ව ඇත. එය මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් අටවැනි බොලිවුඩ් චිත්‍රපටය විය. දිපීකා පදුකෝන්ගේ ‘පද්මාවත්’, කාර්තික් ආර්යන්ගේ ‘සෝනු කී ටිටු කි ස්විටී’, අජේ දේව්ගන්ගේ ‘රිඩ්’, ටයිගර් ෂෙරෝෆ්ගේ ‘බාගී’ දෙවැන්න, ආලියා භාට්ගේ ‘රාසී’, සල්මාන් ඛාන්ගේ ‘රේස් තුන්වැන්න, රන්බිර් කපූර්ගේ ‘සංජූ’ මේ වසරේ මේ වනවිට තිරගත වූ චිත්‍රපට අතරින් ඉන්දීය රුපියල් කෝටි 100ට වඩා වැඩි ආදායම් උපයාගත් අනෙකුත් චිත්‍රපට වේ.

source: saaravita.lk

Read more

Local News