පොහොර සහනාධාර බෙදාදීම පිළිබඳ දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන අද

Share

2018/19 මහ කන්නයේ පොහොර නිකුත් කිරිමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් අද (07) දින පෙ.ව. 9.30 ට පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇත.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දීයි.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරු සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ප්‍රාදේශිය නිලධාරින් සහභාගි විමට නියමිතය.

දිවයින පුරා පිහිටි ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිත මහත්වරුන් රුසක්ද මෙම අවස්ථාවට සහභාගි වනු ඇත.

2018/19 මහ කන්නයේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක වන ආකාර පිළිබඳ චක්‍ර ලේඛය නිල වශයෙන් නිකුත් කිරිමද මෙම උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විසින් සිදු කරනු ඇත.

Read more

Local News