ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවන් තුනක් ත්‍රිකුණාමලය වරායට

Share

ඉන්දියානු නාවික හමුදාවට අයත් සුමිත්‍ර, කර්ච් සහ කෝරා ද්ව් යන නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගිවීම සඳහා ඊය‌ේ (07) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

සුමිත්‍ර නෞකාව දිගින් මීටර් 105.3 ක් හා පළලින් මීටර් 12.9 කින් යුක්ත වන අතර,  230 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. එමෙන්ම දිගින් මීටර් 91.1 ක් හා පළලින් මීටර් 10.5 කින් යුක්ත වන කර්ච් නෞකාවේ නැව් මුළුව 230 දෙනෙකුගෙන් යුක්ත වන අතර, දිගින් මීටර් 48.9 කින් සහ පළල මීටර් 7.5 කින් යුක්ත කෝරා ද්ව් නෞකාවේ නැව් මුළුව 175 දෙනෙකුගෙන් සමන්විත වේ.

Read more

Local News