“වීමන්කල්ලු ග්‍රාමම්” සහ “සිවා නගර්” උදා ගම්මාන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

Share

“වීමන්කල්ලු ග්‍රාමම්” සහ “සිවා නගර්” යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 116 සහ 117 වන ආදර්ශ ගම්මාන මෙය වෙයි.

නිවාස 24 කින් සමන්විත මෙම ගම්මාන දෙක අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 215 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

මෙම ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර සහ රුපියල් ලක්ෂ 79 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම ලබාදීම, ප්‍රතිලාභීන් 152 කට රුපියල් ලක්ෂ 760ක වටිනාකමකින් යුතු නිවාස ආධාර, අඩු ආදායම්ලාභී පවුල් 134 කට රුපියල් ලක්ෂ 184 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 261 කට රුපියල් ලක්ෂ 130 ක් වටිනා නිවාස ණය හා ආධාර, ප්‍රතිලාභීන් 6 කට රුපියල් ලක්ෂ 12 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 50 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ප්‍රතිලාභීන් 18 කට රුපියල් ලක්ෂ 18 ක ස්වයං රැකියා ණය, පවුල් 22 කට ඉඩම් ඔප්පු සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 213 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

Read more

Local News