වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙල යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය යටතේ වැව් සහ ගම් ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පළමුවෙනි වැඩසටහන මහනුවර පිළිමතලාව දියකෙළිනාවල අමුණ ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් දියකෙළිනාවල අමුණ සංවර්ධනය කිරීම ආරම්භ වූ අතර මෙම ව්‍යාපෘතිය සඳහා වැයකරන මුදල රු.මි.02කි.

මෙම අමුණ යටතේ මෙතෙක් පුරන් වී තිබුණු කුඹුරු හෙක්ටයාර් 24 ක් යළි අස්වැද්දීමට හැකිවන අතර පිළිමතලාව දොඩමවල පුරාණ රජමහා විහාරය අසලදී එම අමුණ ඉදිකිරීම ආරම්භ විය.

Read more

Local News