රන් භාණ්ඩ සමඟ ඉන්දියානු ගුවන් මගිය‌ෙකු රේගු භාරයට

Share

ඊය‌ේ සවස 4.30ට EK 654 දරණ ගුවන්යානය‌ෙන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි වයස අවුරුදු 38ක ඉන්දියානු ගුවන් මගිය‌ෙකු ගමන් මල්ල‌ේ රැග‌ෙන එන ලද රන් භාණ්ඩ කිහිපයක් තම භාරයට ගැනීමට කටුනායක ‌රේගු නිලධාරීන් සමත් වී ඇත.

භාරයට ගනු ලැබු රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න බවයි කටුනායක ‌රේගු අධ්‍යක්ෂක විපුල මිනුවම්පිටිය මහතා සඳහන් කළ‌ේ.

අදාල සැකකරු රන් භාණ්ඩ වල රිදී ආල‌ේප කර ම‌ෙරටට රැග‌ෙන ආ බවයි කටුනායක නිය‌ෝජ්‍ය ‌රේගු අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළ‌ේ.

Read more

Local News