ජාත්‍යන්තරය අපේ රට ආදර්ශයට ගෙන තිබෙනවා – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Share

පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ප්‍රකාශ කළේ,

වසර තුනක් තුළ රජය සිදුකළ වෙනස අනාගතයට රැගෙන ගියොත් අප බලාපොරොත්තු වන ආර්ථීක සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වන බවයි.

යහපාලන රජය යටතේ අපේ රට අද අළුත් මාර්ගයක ගමන් කරනවා. එ් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පැහැදි තිබෙනවා. මිලේච්ඡ තත්ත්වයේ තිබූ රටක් යහමඟට ගැනීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තරය අපේ රට ආදර්ශයට ගෙන තිබෙනවා. පසුගිය රජය සමයේ සිදුවූ බොහෝ නීතිවිරෝධී ක්‍රියා පසුපස පසුගිය රජය සිටියා. නමුත් යහපාලන රජය නිතිවිරෝධී ක්‍රියා පසුපස නැහැ. ශීලාචාර රටක් බිහිකරන අත්තිවාරම අද දමා තිබෙනවා. නීතිය කාටත් සමානයි. අද මැති ඇමතිවරුන්ට පවා නීතිය එකසේ ක්‍රියාත්මක කරනවා.

සමහරු මල්වට්ටි අරන් පන්සල් යනවා. ගෙදර ගිහින් මිනිස්සුන්ට පිස්තෝල දෙනවා. නමුත් යහපාලන රජය බෞද්ධ ප්‍රතිපත්ති අනුව කටයුතු කරමින් ශීලාචාර රටක් බිහිකිරීමේ අරමුණින් කටයුතු කරනවා. බුදු දහමේ කියවෙන පරිදි ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා වගේම බුද්ධාගම පෝෂණය කරන්න බෞද්ධ ප්‍රතිපත්තිත් අනුගමනය කරන්න ඕනේ. මේ රජය එවැනි අංග සම්පූර්ණ ආණ්ඩුවක් වීම ගැන මම ආඩම්බර වෙනවා. වසර තුනක් තුළ සිදුකළ මෙම වෙනස අනාගතයට රැගෙන ගියොත් අපි බලාපොරොත්තු වන ආර්ථීක සමෘද්ධිය අපට වගේම අපේ රටේ දරුවන්ටත් ලබා දීමට හැකි වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News