සංශෝධිත නව ඉන්ධන මිල ගණන්

Share

මිල සුත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රීය‌ේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව මිල සූත්‍රයට අනුව යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මිල වැඩි වීමට අනුව රුපියල් 145ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149ක් වන අතර රුපියල් 157ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 161ක් වෙයි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව රුපියල් 118ක මිලකට පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123 දක්වා ඉහල ‌ග‌ොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 130ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල අද දිනයේ සිට රුපියල් 133ක් ලෙස දැක්වෙයි.

සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදුවෙයි.

Read more

Local News