ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දිනේෂ් චන්දිමාල්ට අහිමි ව‌ෙයි

Share

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බවට වාර්තා ව‌ෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකො යන රටවල් 6 සහභාගීත්වයෙන් පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරඟයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා අබාධයකට ලක් විණි.

ඊයේ දිනයේදී චන්දිමාල්ගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නොසිටින බව අනාවරණය වී තිබේ.

Read more

Local News