ත්‍රිරෝද රථයක් ලංගම බස් රථයක ගැටි අනතුරක්

Share

නොර්වුඩ් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ලංගම බස් රථයක ගැටි ප්‍රධාන මාර්ගය අභියස බස් රථයක් එන තුරු බලා සිටි මගින් දෙදෙනෙකුද යට කර අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

අද (11) අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ගැටි ත්‍රිරෝද රථය ඇදි ගොස් හැටන් දක්වා ගමන් කිරිමට බස් රථයක් පැමිණෙන තුරු ප්‍රධාන මාර්ගය අභියස රැදි
සිටි මගින් දෙදෙනෙකුද යට කරගෙන ත්‍රිරෝද රථය අනතුරට සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලසියි පැවසුවේ.

මෙම අනතුරෙන් ත්‍රිරෝද රථ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රොහල වෙත ඇතුළත් කර ඇත.

Read more

Local News