අ.පො.ස (උසස් පෙළ) විභාගය‌ේ පිළිතුරු පත් ඇගයි‌මේ ද‌ෙ‌වන අදියර අද

Share

2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද (11) ආරම්භ වේ.

අ.පො.ස (උ.පෙළ) විභාගය‌ේ පිළිතුරු පත් ඇගයි‌මේ දෙවන අදියර අද දින සිට 2018-09-24 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඇගයුම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24 ක් තෝරාගෙන ඇති අතර එම පාසල් අතරින් පාසල් 04 ක් ඇගයීම් කාලයේ සම්පූර්ණයෙන්ම වසනු ලබන අතර අනෙක් පාසල් 20 හි කොටසක් වසමින් ඇගයීම් කටයුතු කිරීමට සැලසුම් කර ඇත.

එලෙස සම්පූර්ණයෙන්ම වසනු ලබන පාසල් වන්නේ, කොළඹ ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමී මහා විද්‍යාලය, ගාල්ල සුදර්මා විද්‍යාලය සහ මාතර කොටුවේගොඩ සර්වේශස් යන විද්‍යාලයි.

උත්තර පත්‍ර ඇගයීම් කිරීමට යෝජිත සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් 2018-09-25 දින ආරම්භ ව‌ෙයි.

Read more

Local News