අම‌ෙරිකානු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 17ක්

Share

ත්‍රස්තවාදය‌ේ බිහිසුණු බව ල‌ොවම සියැසින් දුටු අම‌ෙරිකානු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 17ක් සම්පුර්ණ ව‌ෙයි.

දිනය 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා.

ව‌ෙනදා ම‌ෙන් එදිනත් අම‌ෙරිකානුවන්ට කාර්යබහුල දිනයක්.

මේ කාර්යබහුලත්වය අතරතුර අල්කයිඩා සාමාජිකයින් මහා මිනිස් සංහාරයකට සැලසුම් සකස් කරමින් සිටිය‌ේය.

ඒ සඳහා සුදුසුු ‌වේලාව ත‌ෝරා ගැනීමට පමණයි ත්‍රස්තවාදීන්ට ඉතිරි වී තිබුණ‌ේ.

ක්‍රමක්‍රම‌ය‌ෙන් ඒ අවාසනාවන්ත ‌වේලාව ද ලඟා ව‌ෙමින් තිබුණේ.

පෙරවරු 8.54 ට පමණ ත්‍රස්තයින් සිය ඉලක්කය සපුරාලමින් පළමු ප්‍රහාරය නිව්ය‌ෝක් ල‌ෝක ව‌ෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ‌ේය.

ඒ පැහැරගනු ලැබු අම‌ෙරිකානු ගුවන් සමාගමකට අයත්  ගුවන් යානයක් භාවිතා කරමිනි.

එහි ත්‍රස්තවාදීන්ට අමතරව මගීන් 87 ද‌ෙන‌ෙකු සිට තිබේ.

ම‌ෙම යානය ල‌ෝක ව‌ෙළඳ මධ්‍යස්ථානය‌ේ උතුරු කුළුණ‌ේ ගැටීමට සැලැස්වීම‌ෙන් එම කා‌ෙටස ගිනි ග‌ෙන කඩා වැටීමට ලක්වී තිබුණා.

එම ප්‍රහාරය එල්ල වී මිනිත්තු 18කට පසු යළි ක්‍රියාත්මක වු අල්කයිඩා ත්‍රස්තයින් ප‌ෙරවරු 9.03ට පමණ යුනයිටඩ් එයාර් ලයින් සමාගමට අයත් අංක 175 දරණ ගුවන් යානය ල‌ෝක ව‌ෙළඳ මධ්‍යස්ථානය‌ේ දකුණු කුළුණ‌ේ ගැටීමට සලස්වන ලදී.

ඒ ප‌ෙර ගුවන් යානය ම‌ෙන්ම එයද පැහැර ගනිමිනි.

ම‌ෙම ගුවන් යානය තුළ සිටිය මගීන් සංඛ්‍යාව 60කි.

සිය ප්‍රහාරයන් ද‌ෙකම සාර්ථක කරගත් අල්කයිඩාවන් අංක 77 දරණ ත‌ෙවැනි ගුවන් යානය ද පැහැර ගනිමින් අම‌ෙරිකාවේ ආරක්ෂක ක‌ේන්ද්‍රය වු රාජ්‍ය ආරක්ෂක ද‌ෙපාර්තමේන්තු මූලාස්ථානය වන ප‌ෙන්ටගනය‌ේ ගැටීමට සලස්වනු ලැබීය.

ඉන් න‌ොනැවතුනු ත්‍රස්තවාදීන් පැහැරගත් සිව්ව‌ෙනි ගුවන් යානය තවත් ප්‍රබල ඉලක්කයක් ව‌ෙත ප්‍රහාර එල්ල කිරිමට රැග‌ෙන යන අවස්ථාාවේ දී ප‌ෙන්සිල‌ේ‌වේනියාවේ දී කඩා වැටීය.

පසුව අනාරණය වුය‌ේ ත්‍රස්තවාදීන් එම ගුවන් යානය මගින් ධවල මන්දිරයට ප්‍රහාර එල්ල කිරිමට සුදානම්ව සිටි බවයි.

අම‌ෙරිකානුවන් ම‌ෙන්ම මුළු මහත් ල‌ෝකයම කැළඹු ම‌ෙම ප්‍රහාර මාලාව‌ෙන් රටවල්  85කට අයත් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මිය ගිය‌ේය.

තුවාල ලැබු සංඛ්‍යාව 600ක් බවයි අම‌ෙරිකාව පැවසුවේ.

ල‌ොවම සසල කළ ම‌ෙම ‌‌‌ඛේදවාචකය අද අම‌ෙරිකානුවන් සමරන්න‌ේ කඳුලු පිරි ද‌ෙන‌ෙතින් යුතුවයි.

Read more

Local News