කෘෂි නිෂ්පාදන තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හසලක කාර්මික විද්‍යාලයේ දි ආරම්භ වෙයි – අමාත්‍ය සරත් අමුණුගම

Share

අද (11) පැවැති මාධ්‍ය හමුවක දි විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳඟන් කළ‌ේ, කාර්මික අධ්‍යාපනය හා පුහුණුව කිරිමේ දෙපාර්තමේන්තුව විසින් හසලක කාර්මික විද්‍යාලයේදි කෘෂි නිෂ්පාදන තාක්ෂණික ඩිප්ලෝමාව පාඨමාලාව ආරම්භ කිරිම 2018 සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව 9.00ට කෙරෙන බවයි.

මෙම පාඨමාලාව දඔුල්ල හා කුලියාපිටිය කාර්මික විද්‍යාලවල ක්‍රියාත්මක වන අතර එය තවදුරටත් පුළුල් කිරිම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය සරත් අමුණුගම මහතා “නිපුණි” රැකියා බැංකුව ආරම්භ කිරිම මඟින් ඊට යහපත් ප්‍රතිචාර ලැබි තිබෙන බවත්, ලංකාවේ කෘෂිකර්මය තිබුණ ද ඊට නිසි තාක්ෂණික දැනුම නොමැති නිසා විශාල ගැටලු රැසක් මතුවි ඇති බව කීය. මෙම පාඨමාලාව NVQ 1 සිට NVQ 7 දක්වා මට්ටමින් පවත් වන බවත් ඒ හරහා  කෘෂිනිෂ්පාදන කේෂ්ත්‍ර උපාධි මට්ටම තෙක් වුව ද ගමන් කිරිමට හැකියාව ඇති බවත් ඇමතිවරයා පැවසීය.

තාක්ෂණික විද්‍යාල වලින් 30,000කට අධික තරුණ පිරිසකට රැකියා අවස්ථා ලබා දිමට අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලංකාවේ ඉදිකිරිම් අංශයේ ලක්ෂයකට අධික රැකියා අවස්ථා තිබෙනවා. රටට තව කාර්මික අංශයක් අවශ්‍යයි. ඉදිකිරිම්, සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය හා සේවාවන් සැපයුම්, මෝටර් කාර්මික තාක්ෂණය ආදිය අංශ අපි හඳුනාගෙන තිබෙනවා. ලබන වසරේ ජනවාරි 01 වන දින දකුණු ආසියාවේ විශාලතම මෝටර් කාර්මික ආයතනය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසී ය.

Read more

Local News