ඕනම අභියෝගයක් භාර අරගෙන රටේ පාතාලය මත්කුඩු අපි මැඩ පවත්වනවා – අමාත්‍ය තලතා අතුකෝරළ

Share

අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ පසු පහසුකම් ප්‍රදේශ සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැය කරමින් ඉදි කළ යායින්න ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ හොරහින්න ඇල්ල මාවතපල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළ‌ේ,

ඕනම අභියෝගයක් භාර අර ගෙන රටේ පාතාලය මත්කුඩු අපි මැඩ පවත්වනවා. ඉස්සර මත්කුඩු ඇල්ලුවාම ජනාධිපති ගිහිල්ලා අහනවා ඇයි ඇල්ලුවේ කියලා අපි මේවා වෙනස් කළා. මොන ක්‍රමයකට හරි මිනිහෙක් මරා ගන්න ඕන කමින් උද්ඝෝෂණ කරනවා. ඔහොම නෙමෙයි ඔළුවෙන් හිට ගත්තත් රාජපක්ෂ කෙනෙකුට මේ රටේ බලයට එන්න බැහැ. වෙන හේතුවක් නිසා නෙමෙයි ඒ ගොල්ලන්ගේ හිතේ තියෙන දේ හොද නැහැ. යනුව‌ෙනි.

Read more

Local News