යාපනය දිස්ත්‍රික්කයේ ජනතා ගැටළු විසඳීමට ”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය අද

Share

යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙතෙක් නොවිසඳුණු ගැටලු 27,189 ක් විසඳීම සඳහා ”නිල මෙහෙවර” ජනපති ජනතා සේවය අද (14) ක්‍රිස්තියානි විද්‍යාලයේ දී දිනය පුරා පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතාගේ මෙහෙවීමෙන් මෙම වැඩසටහන පැවැත්වෙන අතර ඒ සඳහා රජයේ සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පවුල් සංඛ්‍යාව 22,889කි. ජනගහනය 75,067 කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පවුල් සංඛ්‍යාවටත් වඩා වැඩි ගැටලු සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබීම මෙහි විශේෂත්වයකි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ සිකුරාදා කෝපායි, සෙනසුරාදා තෙලිප්පලයි, ඉරිදා යාපනය සහ සඳුදා වේලනයි නමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නිල මෙහෙවර වැඩසටහන් පවත්වන බවයි.

ඒ් අනුව තෙලිප්පලයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ප්‍රශ්න 13,371ක් සෙනසුරාදා දිනයේ දී විසඳීමට නියමිත අතර, යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ප්‍රශ්න 9,103 ක් ඉරිදා දිනයේ දී ද වේලනයි කොට්ඨාසයේ ගැටලු 18,019 ක් ද විසඳීමට නියමිතව තිබේ. මීට අමතරව ප්‍රාදේශීය නිලමෙහෙවර පැවැත්වෙන දිනයන්හි දී ගැටලු විශාල සංඛ්‍යාවක් ඉදිරිපත්වනු ඇතැයි ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read more

Local News