නීති විරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණයේ දැව ජාවාරමක් වටලයි

Share

තණමල්විල හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ ගල්ඉරාමංකඩ ප්‍රදේශයේ දී හම්බෙගමුව පොලිසිය සිදු කල හදිසි වැටලීමකදී නීති විරෝධීව පවත්වාගෙන ගිය දැව ජාවාරමක් වටලා ති‌බේ.

එහිදී එම ස්ථානයේ තිබූ කැපුම් උපකරණ, කැටකෑල දැව, තේක්ක දැව කදන් ඇතුළු දැව කදන් විශාල ප්‍රමාණයක් සමග එක් සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බව පොලිසිය සදහන් කරයි.

සැකකරුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හම්බෙගමුව පොලිසිය විමර්ශන සිදු කරයි.

Read more

Local News