කොරල්පරවලට විශාල වශයෙන් හානි සිදුකරන පසැඟිල්ලන්

Share

නැගෙනහිර මුහුදු තීරයේ කොරල්පරවලට විශාල වශයෙන් හානි සිදුකරන පසැඟිල්ලන් (Star Fish) විශේෂයක් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් නැගෙනහිර මුහුදේ පසැඟිල්ලන් පිළිබඳ ව වහාම පර්යේෂණයක් සිදු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරා ආයතනයට උපදෙස් ලබා දී ඇත.

මෙම පසැඟිල්ලන් විශේෂය කොරල්පරවලට ඉතාමත් දරුණු ලෙස හානී සිදු කරන අතර ඔවුන් විසින් නිකුත් කරන රසායනික එන්සයිමයක් නිසා කොරල්පර දිරා ගොස් විනාශ වන බව වාර්තා වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තවද එම පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලබා ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

මීට වසර කිහිපයකට පෙර ද මේ අන්දමින් පසැඟිල්ලන් ව්‍යාප්තිය සිදු වු අතර එම අවස්ථාවේදි ද ඔවුන්ගේ ව්‍යාප්තිය අඩාල කරවීම සඳහා පියවර ගනු ලැබිණි.

 

Read more

Local News