ශ්‍රී ලාංකීය ශ්‍රාවක හදවත් දිනා ගනිමින් දිනෙන් දින ඉදිරියට ගිය සියත FM අපේ ගෙදර රේඩියෝවට වසර තුනක් සම්පුර්ණ වෙද්දී Voice of Asia මාධ්‍ය ජාලයේ තවත් නවකයෙකු නැවුම් මුහුණුවරකින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතරට පැමිණියහ. ඒ 2009 වසරේ සැප්තැම්බර් මස 17 වනදා යි.
සියත පවුලේ මේ නවක සාමාජිකයා මෙරට රූපවාහිනීයේ දැවැන්ත පෙරලියක් බවට පත් වෙමින් ඇසි දිසි උරුමය ලෙසින් මෙරට ජනතාව සමීපයට පැමිණියා.
බොහෝ රූපවාහිනී නාලිකා ආරම්භයේ දී කොළඹ අතුළු නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වුවත් සියත TV ආරම්භක මොහතේදීම දීප ව්‍යාප්ත නාලිකාවක් බවට පත්වුයේ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් දැනුමෙන් බුුුුද්ධියෙන් සන්නද්ධ කිරිමේ අරමුණිනි.
එලෙස ශක්තිමත් ආරම්භයක් ලබා ගන්නේ අප සතු ප්‍රබලත්වය ,ලොවට පසක් කරමිනි.
කටුක මාර්ගයක මතකය මැදින් නොසැලී නොබියව ඉදිරියට පැමිණි සියත අද (17) සිය 09 වන වර්ෂ පූර්ණය සමරනවා.
අපට මේ ගමන යන්නට අප සමඟ සැමදා ලඟින්ම සිටි ආදරණීය ප්‍රේක්ෂක ඔබටයි මේ අපගේ හෘදයාංගම ගෞරවය.