ගුරුවරුන්ගේ වැටුප් ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යෝජනාවක් සකස් කරන්න – අධ්‍යාපන ඇමැති

Share

ගුරු සේවයේ මතුව ඇති වැටුප් පිළිබඳ ගැටළු විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ සඳහා යෝජනා ලබාදෙන වෘත්තීය සමිති ඇතුළු පාර්ශවයන්ගේ අදහස් ද සැලකිල්ලට ගන්නා ලෙස උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා, වසර ගණනාවක් තිස්සේ නිසි ක්‍රමවේදයකින් තොරව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට ගුරුවරුන්ට සිය වැටුප් සම්බන්ධයෙන් විවිධ විෂමතාවන් මෙන් ම හිඟ තත්වයන් මතුව ඇති බව ද සඳහන් කළේය.

ඒ අනුව, ගුරුවරුන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා වන පරිදි ඔවුන් මුහුණ දෙන වැටුප් විෂමතා පිළිබඳ ගැටළු විසඳීම පිළිබඳ යෝජනාවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවද, අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

Read more

Local News