බොලිවුඩයේ සුපර් හිට් වු ‘ස්ට්‍රි’

Share

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් කාලයකට පසුව ‘සුපර් හිට්’ වී ඇත. ඒ අගෝස්තු 31 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ අමර් කෞවුෂික්ගේ ‘ස්ට්‍රි’ චිත්‍රපටයයි. මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 74ක මුදලක් ඉන්දියාවෙන් පමණක් උපයාගන්නට සමත් වූ මෙම චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 13ක් වැනි අඩු නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය වූවක් බව සඳහන් වේ. මෙම චිත්‍රපටයේ ශ්‍රද්ධා කපූර්ට අමතරව රාජ්කුමාර් රාඕ, අභිෂේක් බන්රාජ්, පන්කාජ් ත්‍රිපාටි රංගනයෙන් දායක වෙයි.

source: saaravita.lk

Read more

Local News