අදත් පළාත් කිහිපයකට තද සුළං

Share

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නි‌වේදනය‌ේ දැක්ව‌ෙයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසිද ඇති විය හැක.

Read more

Local News