ජාතික මදුරු මර්දන සතියක් – 26 වනදා සිට

Share

ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව “ජාතික මදුරු මර්දන සතියක් 2018 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා” ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. 

මෙම පරිශ්‍ර පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්, සාමාජිකයන් 6000කගේ දායකත්වය ලබාගන්නා අතර ගම් මට්ටමින් ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේද සහයෝගය ලබාගැනේ.

Read more

Local News