ආපදා තත්වයන් අවම කර ගැනිම සඳහා අපදා කළමණාකරණ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

Share

ඉදිරියේදී සිදුවන ආපදා තත්වයන් අවම කර ගැනිම සඳහා අපදා කළමණාකරණ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය බල සේනාවක් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් වාරි මාර්ග, ජල සම්පත් හා අපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

මේ සඳහා ලක්ෂ පහක ස්වේච්ඡා බල සේනාවක් පිහිටුවිටම කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා එහිදී පාසල් බාල දක්ෂ කණ්ඩායම් මුලින් පුහුණූ කරන බවද පැවසීය. ඊට අමතරව ඉදිරියේ දී ඒකක 37ක් යටතේ ශිෂ්‍යභට කණ්ඩායම් සහ ගම් මට්ටමින් තරුණයින් පුහුණූ කිරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

2015 වර්ෂයේ සිදු වූ අපදා තත්වයට සාපේක්ෂව 2018 වර්ෂයේ සිදුවූ ආපදා තත්වය අවම කර ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබුනු බව ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News