ගිරිතලේ වැවේ දිය නෑමට ගිය පියා සහ දියණියග‌ේ මෘතශරීර හමුව‌ෙයි

Share

මින්නේරිය පොලිස් වසමේ ගිරිතලේ වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දිය නාමින් සිටි එකම පවුලේ පියා සහ දියණිය දියේ ගිලි අතුරුදහන් වු පුවතක් ඊය‌ේ දිනය‌ේ දී වාර්තා විය.

එම අතුරුදහන්ව සිටිනා පියාගේ වයස අවුරුදු 45ක් වන අතර දියණියගේ වයස අවුරුදු 14කි.

ම‌ෙ‌සේ දියේ ගිලි අතුරුදහන් වු පියා සහ දියණියග‌ේ මෘතශරීර අද (22) දින උදෑසන 7.20ට පමණ සිදු කරන ලද ස‌ෝදිසි ම‌ෙහ‌ෙයුම් වලදී ගිරිතල‌ේ වැවේ තිබියදී ස‌ොයාග‌ෙන ඇති බවයි ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

මෙම පිරිස මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා මින්නේරිය ප්‍රදේශයට පැමිණ වැවේ දිය නාමින් සිටියදි මෙම අනතුරට ලක් වි අැත.

මෘතශරීර ද‌ෙක ප‌ොළ‌ොන්නරුව මුලික ර‌ෝහල‌ේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධව මින්නේරිය පොලිසිය වැඩිදුරටත් විමර්ශන පවත්වයි.

Read more

Local News